ඉංජිනේරු ඒ.එන්.එස්. කුලසිංහ “ක්‍රියාකාරකම් සහිත උද්‍යානය” විවෘත කෙරේ (වීඩියෝ)

නොවැ 04, 2019

    කීර්තිමත් ඉංජිනේරු ඒ.එන්.එස්. කුලසිංහ මහතාගේ ජන්ම ශතසංවත්සරය නිමිත්තෙන් “ක්‍රියාකාරකම් සහිත උද්‍යානය” ජනාධිපතිතුමා අතින් අද (04) විවෘත කෙරිණි.

    ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය සහ ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම එක්ව දැයේ දූදරුවන්ගේ විද්‍යා දැනුම අභිවර්ධනය උදෙසා මෙය නිර්මාණය කර ඇත. එය ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර පරිශ්‍රයේ මෙම උද්‍යානය ස්ථාපනය කර තිබේ.

    සමරු ඵලකය නිරාවරණය කර උද්‍යානය විවෘත කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

    මෙරට මෙන්ම රටින් බැහැරව ද සිය තාක්ෂණික දැනුම ඔස්සේ බොහෝ විශිෂ්ටතා පෑ කෘතහස්ත ඉංජිනේරුවෙකු වන ඒ.එන්.එස්. කුලසිංහ මහතා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිර්මාතෘ මෙන්ම ප්‍රථම සභාපතිවරයා ද වෙයි.

    විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    kula 01 kula 02 kula 03

    Last modified on සදුදා, 04 නොවැම්බර් 2019 20:00

    Latest News