ගෝඨාභයට විවාදයකට සජිත්ගෙන් ලිඛිත ඉල්ලීමක්

නොවැ 03, 2019

    ජනාධිපතිධූර අපේක්‍ෂක විවාදයකට තමා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට යළි අභියෝග කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික ලිපිනයට, ලිපියක් යොමු කරමින්, ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය. ප්‍රසිද්ධ විවාදයක් සඳහා පසුගිය බදාදා ආරාධනාවක් කළ අතර, තවමත් එවන් විවාදයකට රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වයෙන් ප්‍රතිචාරයක් ලැබී නැතැයි එහි සඳහන්. නූතන ප්‍රජාතන්ත්‍රවාදී සන්දර්භය තුල ලොව පුරා ජනාධිපතිධූර අපේක්‍ෂකයන් කිසිදු දෙගිඩියාවකින් තොරව තමන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සෘජුව සහ මැදිහත්ව විවාද කරයි. එවැනි විවාද රූපවාහිනී හා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද විකාශය කෙරේ.

    රාජපක්‍ෂ මහතාගේ උපදේශකයින් ලිඛිත ආරාධනයක් නොලැබුණු බව ප්‍රකාශ කරන නිසා යළි විවාදය වෙනුවෙන් ලිඛිත ආරාධනයක් කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා එම ලිපියේ සඳහන් කරන්නේ.

    sajithlet px 900 19 11 03

     

    Last modified on ඉරිදා, 03 නොවැම්බර් 2019 19:09

    Latest News