අයිස් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දියානු ජාතිකයෙකු දැලේ

නොවැ 03, 2019

    ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පැමිණි ඉන්දියන් ජාතිකයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අද (03) කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැණින. ඉන්දියානු ජාතිකයා තමා පැමිණි ගමන් මල්ලේ ව්‍යාජ ලෙස සකස් කරන ලද බඳ කොටසෙහි සඟවා ගෙන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 273ක ප්‍රමාණයක් රැගෙන විත් ඇති අතර, එහි වටිනාකම රුපියල් ලක්‍ෂ 14ක් වේ. සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝගයක් ලබා ගෙන ඇත. කොළඹ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Latest News