ගමට කඩා වැඳුණු වන අලි රංචුවක් ගම්වැසියන්ගේ නිවාස රැසකට හානි

නොවැ 03, 2019

    මැදිරිගිරිය, මීගොල්ලෑව ග්‍රාමයට කඩා වැඳුණු වන අලි රංචුවක් ගම්වැසියන්ගේ නිවාස රැසකට හානි කොට, ඒවායේ ගබඩා කර තිබූ වී ගෝනි රැසක් ද ආහාරයට ගෙන තිබේ.

    වන අලි හානි වඩාත්ම බලපා ඇත්තේ, අඹගස්වැව, එළබටුවැව මීගොල්ලෑව යන ගම්මානවලටයි. සෑම දිනකම සවස 2.00 පමණ වන විට මෙම වන අලි රංචු ගම්මානයට කඩා වඳින බව ප්‍රදේශවාසීන් පවසයි. මෙය තමන්ගේ දේපලවලට පමණක් නොව ජිවිතවලට ද විශාල තර්ජනයක් වී ඇති බව ඔවුන් කියා සිටී.

    මෙම වන අලි රංචුව ඊයේ රාත්‍රී නිවාස තුනකට පහරදී කඩා බිඳ දමා තිබිණ. මෙම වන අලි සෝමාවතිය හා කවුඩුල්ල වනෝද්‍යානවල සිට ආහාර සොයා පැමිණෙන බව ඔවුන් පවසයි. මීට කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

    Latest News