දෙහිවල වෙරළ තීරයේ හෝටලයක් වටලා ෆේස්බුක් සාදයක 100ක් අත්අඩංගුවට

නොවැ 03, 2019

    දෙහිවල පොලිස් වසමට අයත් වෙරළ තීරයේ පිහිටි හෝටලයක් වටලා ෆේස්බුක් සාදයක් පැවැත්වූ සිය දෙනෙකු පොලිස් බාරයට ගෙන තිබේ.

    ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය තොගයක් ද සොයා ගනු ලැබීය.

    සැකකරුවන් වයස අවුරුදු 18ත්, 48ත් අතර වූ අම්බලන්ගොඩ, කළුතර, කුරණෑගල හා පොළොන්නරුව යන ප්‍ර දේශවල පදිංචිකරුවන් බව, ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ. ඔවුන් සතුව තිබී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 04ක්, බියර් තොගයක්, මත් මුද්දරයක්, මත්ද්‍රව්‍ය අඩංගු දුම්වැටි 28ක් සොයා ගෙන තිබේ.

    Latest News