නිදහස් ජිවිතයකට නම් ඡන්දය සජිත්ට: එපා නම් ගෝඨාභයට..... අගමැති රනිල්

නොවැ 03, 2019

    නිදහසේ අදහස් ප්‍රකාශය කිරීමට, නිදහසේ ගමනක් බිමනක් යෑමට, නිදහසේ රැකියාවක් කිරීමට උතුරු- නැගෙනහිර ජනතාවට 2015 පෙර තිබූ සියලූ බාධාවන් පසුගිය වසර පහක කාලය තුළ ඉවත් කර ප්‍රජාතන්ත්‍රවාදි පරිසරයක් රටපුරා ඇති කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

      ඊයේ (02) මූතූර්, මන්නාරම සහ යාපනයේ පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළි හා සාකච්ඡා සභාවාර අමතමින් වික්‍රමසිංහ මහතා මේ බව පෙන්වා දුන්නේය. ඒ දිනාගත් නිදහස තහවුරු කර තව තවත් ඉදිරියට ගෙන යෑම සඳහා නොවැම්බර් 16 වැනිදා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත් කර ගත යුතු බව ඔහු කියා සිටියේය.

    ජනාධිපතිවරණයේදී හංසයා ඉදිරියේදී කතිරය ගසා සජිත් ප්‍රේමදාස මහතාට ශක්තිය ලබා දීමෙන් අප දිනාගන්නේ නිදහස් ජීවිතය බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා ප්‍රතිවාදී අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වුවහොත් අද විදින නිදහස් ජීවිතයට විලංගු වැටෙන බව ද පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. එස්. තෞෆික්, ඉම්රාන් මහරුෆ්, සංදිත් සමරසිංහ යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින්, එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීහු රැසක් එක්ව සිටියහ.

    Latest News