සිතුල්පව්වේදි වන්දනා නඩයකට ඇතෙකුගෙන් ප්‍රහාරයක් (විඩියෝ)

අගෝ 15, 2019
  • දඹුල්ලේ සිට සිතුල්පව්ව වන්දනා කිරීම සඳහා ගිය නඩයකට අතර මග සිටී ඇතෙකු ගෙන් ඊයේ බාධා එල්ල වීමේ පුවතක් රූපවාහිනී දඹුල් වාර්තාකරු එවා තිබේ.

    බස් රථයෙන් ගමන් කරමින් සිටි මෙම පිරිස එක වැරම සිතුල්පව්ව පාරේ වනයේ රැක සිටි ඇතා පාර හරහා පැන බස්රථයට පහරදී තිබේ. පසුව බස් රථය අඩි ගනනාවක් පිටුපසට තල්ලු කරගෙන ගොස් ඇතා ආහාර ඉල්ලා දැඩි අරගලයක නිරත වූ බව වන්දනා කරුවෝ පවසති.

    බස් රථයේ දොරෙන් හොඬය සහ දළ දෙක දැමූ මෙම ඇතා විශාල කාලයක් ආහාර දෙන තුරු එක ඉරියව්වෙන්ම සිටිමින් බස් රථයේ මගින් දැඩි බියගන් වු බව වන්දනා කරුවෝ කියති. රියදුරු සහ මගින් බස්රථය තිබු විවිධ ආහාර වර්ග ඇතාට ලබා දී දැඩි පරිශ්‍රමයක් දරා එම ස්ථානයෙන් සිතුල්පව්ව වෙත ගමන් කර තිබේ. බස් රථයේ සිටි පිරිසක් මෙම අවස්ථාව ඡායාරූප සහ වීඩියෝගත කර ගෙන තිබුණි.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 අගෝස්තු 2019 15:09

    Latest News