මැදිරිගිරිය අවට ගම්මාන රැසකට වන අලි තර්ජන

පෙබ 07, 2020

    පොළොන්නරුව මැදිරිගිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක් වන අලි තර්ජනයට ලක්ව තිබේ.

    පීඩාවට පත්වී ඇත්තේ,මීගොල්ලෑව,වඩිගවැව,පතොක්වැව හා ඇටඹඔය යන ගම්මානවල ජනතාවයි. වන අලින් ඊයේ රාත්‍රියේදී මීගොල්ලෑව ගම්මානයට කඩා වැදී නිවාස කිහිපයක් හා වගා රැසක් විනාශ කර තිබේ. පුද්ගලයන් දෙදෙනෙකු වන අලි ප්‍රහාරයට ලක්විය. එක් අයෙකු මැදිරිගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පොළොන්නරුව රෝහලට මාරුකර යවා තිබේ. සෝමාවතිය හා කවුඩුල්ල ජාතික උද්‍යානවල සිට පැමිණෙන වන අලින්ගෙන් ආරක්ෂාවීමට ඉදිකර ඇති විදුලිවැට අක්‍රීයවී ඇති බවයි, ගම්වාසීන් පවසන්නේ.

    Last modified on සිකුරාදා, 07 පෙබරවාරි 2020 12:17

    Latest News