උතුරු නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල වැසි තත්වයේ වර්ධනයක්

ඔක් 27, 2019

    උතුරු නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල අද සිට වැසි තත්වයේ වර්ධනය වීමක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ දිවයිනට ගිනිකොණ දෙසින් වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතී. උතුරු නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගනී. නැගෙනහිර පළාතෙත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් සියයත් 150ත් අතර තද වර්ෂාපතනයක් අපේක්‍ෂා කළ හැක. අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක වර්ෂාපතනයක් ලැබෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මාතර සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර දේශවල තද වැසි ඇතිවිය හැක. සුළඟේ වේගය ක්‍ෂණිකව පැයට කිලෝ මීටර 70ත්, 80ත් අතර ඉහළ යා හැක. එවිට එම මුහුදු ප්‍රදේශ රළවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ පිළිබඳ ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් සිටින ලෙස ඉල්ලීමක් කෙරේ.

     

    Latest News