ඇමති මංගලගේ අතුරු සම්මත ගිණුමෙන් රාජ්‍ය සේවකයින්ට සහන රැසක්: වැටුප 2020 සිට ඉහළට

ඔක් 27, 2019

    2020 වසරේ මුල් මාස 4 සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුම් පිළිබඳ යෝජනාව පසුගියදා (23) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

    එම කාලය සඳහා පුනරාවර්ථන හා මූලධන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1,470 කුත්, අත්තිකාරම් ගිණුම් වෙනුවෙන් තවත් රුපියල් බිලියන 05කුත් වැය කිරීමට අපේක්ෂිතය.

    අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා ජනතාවට ලබා දෙන සහන පිළිබඳ ඉදිරිපත් කළ කරුණු මෙසේ ය.

    • රාජ්‍ය සේවක ආපදා ණය සීමාව රුපියල් 250,000 සිට 350,000 දක්වා ඉහළ නැංවීම. ඒ සඳහා වන පොලිය 4.2% සිට 3% දක්වා අඩු කිරීම.
    • රාජ්‍ය සේවයේ කාර්ය මණ්ඩලවලට මෙතෙක් කල් පාපැදි මිලදී ගැනීමට ලබාදුන් රුපියල් 6,000/- මුදල 10,000/- දක්වා ඉහළ නැංවීම සහ පොළිය  4.2% සිට 3%  දක්වා අඩු කිරීම.
    • කාර්යාල සේවක සේවයේ නිලධාරීන්ට වාර්ෂික නිල ඇඳුම් දීමනාව රුපියල් 4,000/- සිට 5,000/- දක්වා වැඩිකිරීම.
    • ජාතික රක්ෂණ භාර අරමුදලේ දායකත්වය ලබා සිටින රජයේ සේවකයන්ට වසර තුනකටවරක් ලබාදෙන රුපියල් 5,000/- ඇස් කණ්ණාඩි දීමනාව රුපියල් 8,000/- දක්වා ඉහළ නැංවීම.
    • රාජ්‍ය සේවයේ කාර්යාල සේවක සේවය, රියදුරුසේවය, කළමනාකරණ සේවා නිලධාරීන් වෙත වසරකට අවම වශයෙන් දින පහක අනිවාර්ය පුහුණුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම.
    • ග්‍රාමනිලධාරීන්ගේ -
      • කාර්යාල දීමනා මහනගර සභා සහ නගර සභා ප්‍රදේශවල රුපියල් 1,500/- දක්වා වැඩි කිරීම.
      • ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල රුපියල් 1,000/- ක් දක්වාත් දෙගුණයකින් වැඩි කිරීම.
      • ගමන් වියදම් බලප්‍රදේශය තුළ රුපියල් 200/- සිට 600/- දක්වා ද, ඉන් පිටත රුපියල් 500/- සිට 1,000/- දක්වාත් ඉහළ දැමීම.
      • වාර්ෂික ලිපිද්‍රව්‍ය දීමනාව රුපියල් 1,000/- සිට 1,500/- දක්වා වැඩි කිරීම. නිල ඇඳුම් දීමනාව රුපියල් 4,300/- දක්වා වැඩි කිරීම.
      • දැනටමත් ඔවුන්ට ගෙවන සන්නිවේදන දීමනාව සහ ගමන් වියදම් දීමනාව එකතු කොට රුපියල් 5,000/- පොදු දීමනාවක් ලබා දීම.
    • වසර 20 කටපසු රණවිරු දීමනා ඉහළ නැංවීම.
    • ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් සම්පූර්ණ වැටුප ගෙවීම සහ ඉන් අනතුරුව එහි ප්‍රතිලාභ ඔවුන්ගේ යැපෙන්නන්ට ලබා දීමට තීරණය කිරීම.
    • පොලිස් නිලධාරීන්ගේ වැටුප 238%කින් ඉහළ නංවමින් දින 14 සංයුත්ක දීමනාව වෙනුවට දින 20ක නව දීමනාවක් ලබා දීම.

    ඉදිරිපත් කරන ලද බදු සංශෝධන මෙසේ ය.

    • සුරාබදු ආඥා පනතේ 35 සහ 52 වගන්ති සංශෝධනය කරමින් නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට බලය පැවරීම.
    • අපනයන අභිමුඛ ආයෝජන මණ්ඩල සමාගම් විසින් ඇතැම් නිමිඇදුම් දේශීයව විකිණීමේ දී අදාළ වන ඒකක මත පදනම් වූ එකතු කළ අගය මත බදු අනුපාතය රු.75/- සිට රු. 100/- දක්වා වැඩි කෙරේ.
    • බදු ගෙවන්නන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් එකතු කළ අගය මත බදු ගෙවීම් දිනය බදු කාල පරිච්ඡේදයක් අවසානයේ එළඹෙනමස 20 වැනි දින ලෙස වෙනස් කෙරේ.
    • දේශීයව නිෂ්පාදනය කරන ලද සහල් වලින් සැකසූ සහල් නිවුඩු තෙල් සැපයීම, එකතු කළ අගය මත බදු වලින් නිදහස් කෙරේ.
    • සහාධිපත්‍ය නිවාස (Condominium) සැපයීම මත පනවා ඇති එකතු කළ අගය මතබදු පහත සඳහන් අවස්ථාවලදී අය නොකෙරේ.
    • සහාධිපත්‍ය නිවාස ව්‍යාපෘතියේ එක් එක් නිවාස ඒකකයක මිල රු. මිලියන 25 නොඉක්මවන විට බදු අය නොකෙරේ.
    • එකතු කළ අගය මත බදු (සංශෝධන පනත) බලාත්මක දිනට පෙර දිනයක එකී සැපයුමට අදාළව නොතාරිස් ආඥා පනත අනුව විකිණීමේ ගිවිසුමක් ලියා අත්සන් කර ඇති විට, හෝ එම පනත බලාත්මක දිනට පෙර සම්පූර්ණ කරන ලද සහ අදාළ පළාත් පාලන ආයතනයෙන් අනුකූලතා සහතිකයක් ලබා ගෙන ඇති යම් සහාධිපත්‍ය නිවාස ඒකකයක් සැපයීම.
    • සහාධිත්‍ය නිවාස ඒකක සැපයීම මත අදාළ වන වැට් බදු අනුපාතය 6% දක්වා අඩු කෙරෙන අතර, එකී සැපයුමට අදාළ යෙදවුම් බද්ද, 5% අනුපාතයට ගනනය කෙරේ.
    • ඉදිකිරීම් කොන්ත‍්‍රාත්කරුවන් විසින් ඔවුන්ගේ පිටරට ව්‍යාපෘතිවලට සපයන භාණ්ඩ අපනයන ලෙස සලකා එකතු කළ අගය මත බදු නිදහස ලබා දෙනු ලැබේ.

     ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන -

    • කපා ඔප දැමීමෙන් පසු ප‍්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනය කරනු ලබන මැණික් ගල් මත අදාළ වන ජාතිය ගොඩනැගීමේ බදු නිදහස එම සේවාවන් සදහා විදේශ ව්‍යවහාර මුදලින් ගෙවීම් කර බැංකුවක් මගින් ශී‍්‍ර ලංකාවට පේ‍්‍රෂණය කර ඇත්නම් ප‍්‍රදානය කෙරේ.
    • ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ උපකොන්ත‍්‍රාත්කරුවන් විසින් සපයන සේවාවන් සඳහා දැනට පවතින බදු නිදහස ප‍්‍රධාන කොන්ත්‍රාත්කරුට ද ලබාදෙනු ලැබේ.
    • හෝටල් විසින් විදේශ ව්‍යවහාර මුදලට සේවා සැපයීම බද්දෙන් නිදහස් කෙරේ.
    • ආනයනික පාම්තෙල් සහ දේශීයව නිෂ්පාදනය කරනු ලබන පාම් තෙල් බද්දෙන් නිදහස් කෙරේ.
    • විනෝදාස්වාදය සහ ක්‍රීඩා සඳහා වන යාත්‍රා සහ නැව් ආනයනය කිරීම බද්දෙන් නිදහස් කෙරේ.
    • දුම්වැටිමත ජාතිය ගොඩනැගීමේ බදු නිදහස ඉවත්කෙරේ.
    • අමෙරිකානු ඩොලර්මිලියන 50 හෝ ඊට වැඩි ආයෝජනයකින් යුක්ත ව්‍යාපෘති සඳහා, ව්‍යාපෘතිය ආරම්භ කරන හෝ ඉදිකිරීම් කටයුතු සිදු කරන කාල සීමාව තුළ, ආනයනය කරනු ලබන ව්‍යාපෘතියට අඳාල භාණ්ඩ බද්දෙන් නිදහස් කෙරේ.

    මෝටර් වාහන මත සුඛෝපභෝගී බද්ද -

    වෑන්රථයක්, තනි කැබ් රථයක්, ද්විත්ව කැබ් රථයක්, මෝටර් සයිකලයක්, මොටර් ට‍්‍රයිසිකලයක් යනාදී වාහන හැර වෙන ඕනෑම වාහනයක් ඇතුළත් වන පරිදි ”නිශ්චිතව සඳහන් කරන ලද මෝටර් වාහනය” යන්නෙහි අර්ථ නිරූපනය සංශෝධනය කෙරේ.

    • කාබන් බද්ද 2018 අංක 35 දරන මුදල් පනත යටතේ පනවා ඇත. මෙම බද්ද භාවිතා වන ඉන්ධන වර්ගය සහ වාහනයේ ප‍්‍රථම ලියාපදිංචියේ සිට ගතවී ඇති ආයු කාලය මත පදනම්ව වාහන අයිතිකරුවන් විසින් වාර්ෂික බලපත‍්‍රය අලූත් කරන අවස්ථාවේදී ගෙවිය යුතුය. මෙම බද්ද මෙම වර්ෂය (2019) සඳහා පමණක් අදාළ වන අතර 2019 දෙසැම්බර් 01 දින සිට ඉවත් කෙරේ.

    විදේශ වාණිජ ගනුදෙනු මත අය බද්ද -

    • ණයපත් හා හරපත් භාවිත කරමින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා ශ්‍රීලංකාවෙන් පිටතට කරන ගෙවීම් මත 3.5%ක විදේශ වාණිජ ගනුදෙනු මත අය බද්දක් පනවනු ලැබේ.

    දුරකථන සන්නිවේදන කුලුනු බද්ද -

    දුරකථන සන්නිවේදන කුලුනු බද්ද 2018අංක 35 දරන මුදල් පනත යටතේ පනවා ඇත. දැනට පවතින ප‍්‍රතිපාදන අනුව යම් දුරකථන ක‍්‍රියාකරුවෙකු විසින් බද්ද ගෙවීම පැහැර හැර ඇති විටෙක මහේස්ත්‍රාත් අධිකරණයක නඩු කටයුතු ආරම්භ කළයුතු වේග දුරකථන ක‍්‍රියාකරුවෙකු විසින් බද්ද ගෙවීම පැහැර හැර ඇති විටෙක මහේස්තා‍්‍රත් අධිකරණයක නඩු කටයුතු ආරම්භ කිරීමට පෙර අධිභාරයක් පැනවීම සඳහා ප‍්‍රතිපාදන සපසා ඇත.

    • ඉහළ යන ඉල්ලූම සමග ජංගම දුරකථන තාක්ෂණය නිරන්තරයෙන් වෙනස් වේ. රජයේ අරමුණ වන්නේ රටපුරා සිටින පාරිභෝගිකයින්ට විශිෂ්ඨ දුරකථන සම්බන්ධතාවයක් ලැබෙන බවට තහවුරු කිරීම වේ.

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරමින් ඉදිරිපත් කළ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳ තොරතුරු මෙම පඩි වැඩිකිරීම් සිදු වනුයේ රා,ප.ච.ලේ.6/2016 සහ රනුග්ගේ වැටුෆ් කොමිසමේ නිර්දේශය අනුවය. එම වැඩිවීම්වල 50 % 2020 ජනවාරියේ සිටද ඉතිරිය 2021 ජනවාරියේ සිට ද සියලු රාජ්‍ය සේවකයන්ට ගෙවනු ලැබේ.

    No

    Designation

    2006 මූලික වැටුප
    Basic Salary of 2006

    2020 දී සියලු දීමනා සහිත වැටුප
    All inclusive Salary in  2020

    1.                 

    State Counsel

    Rs.28,095

    Rs. 363,000

    2.                 

    Attorney General

    Rs.67,000

    Rs. 685,300

    3.                 

    Sri Lanka Judicial Service

    Rs.28,740

    Rs. 360,503

    4.                 

    High Court Judges

    Rs.54,285

    Rs. 530,750

    5.                 

    Amateur Lecturer

    Rs.27,775

    Rs. 155,220

    6.                 

    Senior Professor

    Rs.67,100

    Rs. 455,944

    7.                 

    Office employee Service – UGC Non Academic

    Rs.14,150

    Rs. 52,391

    8.                 

    Secretary - UGC

    Rs.54,145

    Rs. 226,420

    9.                 

    Medical Officers

    Rs.25,515

    Rs. 189,855

    10.              

    Medical Specialists

    Rs.42,390

    Rs. 300,940

    11.              

    Sri Lanka Engineering Service

    Rs.22,935

    Rs. 90,415

    12.              

    Director General Engineering Services

    Rs.42,390

    Rs. 151,300

    13.              

    Police Constable

    Rs.13,880

    Rs. 63,706

    14.              

    Inspector General of Police

    Rs.42,390

    Rs. 199,750

    15.              

    Assistant Secretary

    Rs.22,935

    Rs. 63,415

    16.              

    Additional Secretary

    Rs.42,390

    Rs. 121,300

    17.              

    Office employee Service

    Rs.11,730

    Rs. 34,550

    Latest News