ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ නාය යෑමක්

ඔක් 25, 2019

    ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඇල්ල ආසන්න ප්‍රදේශයේ අද උදෑසන නාය යෑමක් සිදු වී තිබේ.

    පස් සහ ගල් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ඇද වැටී ඇති අතර එයින් ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බධා පැමිණ තිබේ.

    පසුව ආපදාකලමනාකරන ඒකකය පොලිසිය එක්ව මෙම පස් ඉවත් කර මාර්ගයේ ගමනාගමනය යතාත්වයට පත් කල බව අප වාර්තාකරු පවසයි. තවමත් එම ස්ථානය අවදානම් බව බදුල්ල දිස්ත්‍රික් ආපදාකලමනාකරන ඒකකය සදහන් පවසයි.

    අද පස්වරුවේ දී වර්ෂාපතනය ඇද වැටුන හොත් මෙම මාර්ගය තවත් අවදානම් වන බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස බදුල්ල දිස්ත්‍රික් ආපදාකලමනාකරන ඒකකය රියදුඑටන්ට දැනුම් දේ.

    landslide1 px 900 19 10 25

    Latest News