පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව සොයා ගනී

ඔක් 25, 2019

    නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, දේව්ගල වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා ජෙලට්නයිට් කූරු යොදා සකස් කරන ලද චාර්ජස් එකක් සහ වොටර්ජේල් කූරු එකක් සොයා ගැනීමට සමත් වේ.

     නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිකුණාමලය, දේව්ගල වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි වැලි තුළ සඟවා තිබූ ‍මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර, එහිදී චාර්ජස් එකක් (01) වොටර්ජේල් කූරු එකක් (01) ඩෙටනේටර් 01 ක් සහ වෙඩි නූල් 01 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

    මෙම පුපුරණ ද්‍රව්‍ය මසුන් ඇල්ලීම සඳහා රැගෙන යෑමේ අදහසින් මෙම ස්ථානයේ සඟවා තබන්නට ඇතැයි පැවසේ.

    Latest News