දිස්ත්‍රික් 4කට නාය ඇඟවීම්..ජලාශ 3ක වාන් දොරටු විවරයි

ඔක් 24, 2019

    පවතින වැසි තත්වය නිසා කෑගල්ල,රත්නපුර,කළුතර හා බදුල්ල යන දිස්ත්‍රික්ක වලට පැනවූ නායයැමේ අවදානම ඒ අනූව තවදුරටත් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    පොළවේ ඇතිවන ඉරි තැලීම්,ගැඹුරට හෑරුණු පැළුම් හා පොළවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්,විදුලි කණු,වැටවල් හා දුරකථන කළුණු ආදිය,ගොඩනැගිලිවල ගෙබිම හා බිත්තිමත ඇතිවන පිපුරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනය වීම්, එකවර ජල උල්පත් ඇතිවීම හෝ පෙර පැවති ජල උල්පත් බොරවීම, අවහිරවීම හෝ නැතිවීම නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් ලක්ෂණ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ජලාශ තුනක වාන් දොරටු මේ වන විට විවෘතව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. රාජාංගනය, තබ්බෝව,දැදුරු ඔය යන ජලාශ වල වාන් දොරටු දෙක බැගින් විවෘත කර තිබේ. 

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ඔක්තෝබර් 2019 16:02

    Latest News