පොල් ගෙඩියේ පාලන මිල ඉවතට

ඔක් 24, 2019

    පොල් ගෙඩියක් සඳහා පනවා තිබු රුපියල් 75 ක උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබේ.

    ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය පාරිභෝගික සේවා අධිකාරිය විසින් මේ වන විට නිකුත් කර ඇත. තරගකාරී වෙළදපොලක් ඇති කිරීම උදෙසා මෙලෙස පොල් සඳහා වන පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගත් බව එම අධිකාරිය සදහන් කරයි.

    යම් හෙයකින් වෙළදුන් අනවශ්‍ය මිල ගණන් වලට පොල් විකිණීමට පියවර ගතහොත් යලිත් වරක් පොල් සඳහා පාලන මිලක් පැනවීමට පියවර ගන්නා බවද අධිකාරිය සදහන් කරනු ලැබේ.

    2146 28 S 1 1

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ඔක්තෝබර් 2019 15:47

    Latest News