2020 මුල් මාස 4ට අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

ඔක් 23, 2019

    2020 වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් මස 30 වැනිදා දක්වා රජයේ වියදම් සඳහා රුපියල් බිලියන 1474 ක අතුරු සම්මත ගිණුමක් ලබන අද (23) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    රුපියලි බිලියන 1474ක වටිනාකමින් යුත් මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරපත් කෙරෙන්නේ ජනාධිපතිවරණය හේතුවෙන් මෙම වසර අවසානයේ අයවැය ලේඛණය ඉදිරිපත් නොකිරීම හේතුවෙන්.

    මෙයට අමතරව එම කාලය තුළ ණය ගැනීමේ සීමාව ලෙස රුපියල් බිලියන 721ක් අනුමැතිය සඳහා අතුරු සම්මත ගිණුම ඔස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව සඳහා රුපියල් බිලියනක මුදලක් ද මෙමගින් වෙන්කර ඇති බවයි, මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

    Last modified on බදාදා, 23 ඔක්තෝබර් 2019 11:24

    Latest News