රටේ ණය බර අඩුකිරීමට පියවර ගන්නවා..සජිත් ප්‍රේමදාස

ඔක් 23, 2019

    මෙරට ධීවර ප්‍රජාව ශක්තිමත් කිරීම සඳහා සහනාධාර ක්‍රමවේදයක් යටතේ බහුදින යාත්‍රා,ඔරු,බෝට්ටු ආදී සියලුම පන්නයේ මෙවලම් හා උපකරණ ලබා දීමට කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


    රට හමුවේ ඇති ණය බර අඩුකිරීමට ගන්නා පියවර සම්බන්ධයෙන් ද ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා මෙහිදී අදහස් පළ කළේය. එතුමා මේ බව ප්‍රකාශ කළේ පුත්තලම දිස්ත්‍රිකකයේ නාත්තණ්ඩිය නගරයේ පැවති ජන හමුවට අද (22) දින එක් වෙමින්.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා..

    "ගම හදා රට හදන්න, නගර උදාව ගම් උදාව ක්‍රියාත්මක වෙනතුරු රටේ ජනතාව බලා සිටිනවා. ජනතාවගේ දුක්ගිනි නිවාලන,සැණසිල්ලේ ජීවත්වන යුගය තමන් ආරම්භ කරනවා.
    නාත්තණ්ඩිය සහ මහවැව බල ප්‍රදේශ 2ක් සඳහා ජාත්‍යන්තර මට්ටමේ නව තාක්ෂණ විද්‍යාල 2ක් ලබා දෙනවා. එමගින් ගමේ තරුණ පරපුරට නවීන තාක්ෂණ දැනුම හා ඉංග්‍රීසි දැනුම නොමිලයේ ලබා දීමට කටයුතු කරනවා.

    නාත්තණ්ඩිය හා මහවැවට කර්මාන්ත උද්‍යාන 2ක් ලබාදීමට කටයුතු කරනවා. තරුණ පරපුරට තමන්ගේ ගමේ සිට රැකියා කිරීමේ අවස්ථාව උදා කරනවා. නාත්තණ්ඩිය සහ මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ජනාධිපති කාර්ය සාධක බලකා ඒකක 2ක් පිහිටුවා එහි නිලධාරීන් හාරහා මෙම ප්‍රදේශවල ජනතාව හා ජනාධිපතිවරයා අතර සම්බන්ධතාව ඇති කරමින් සියලුම ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන ගමනේ නියමුවා වෙනවා."

    Last modified on බදාදා, 23 ඔක්තෝබර් 2019 09:51

    Latest News