පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිසම අතර හමුවක්

ඔක් 22, 2019

    දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර හමුවක් අද (22) පැවැත්වීමට නියමිතයි.

    උදෑසන 10.00ට මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී. සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් මේ සඳහා එක්වීමට නියමිතයි. මෙම අවස්ථාවට සහභාගීවන ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙත ද දැනුම් දී තිබේ.

    ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ දී හා ඊට පෙර සිදුකළ යුතු සහ සිදුනොකළ යුතු දේ සම්බන්ධයෙන් අද දිනයේ දී දේශපාලන නියෝජිතයින් නුවත් කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඡන්ද පත්‍රිකාව පිළිබඳව මෙන්ම ජනාධිපතිවරණය සහ ඡන්ද ගණන කිරීමේ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව ද මෙහිදි මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුවත් කිරීමට නියමිතයි. ජනාධිපතිවරණය කැඳවීමෙන් අනතුරුව මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජියින් හමුවන තෙවැනි අවස්ථාව මෙයයි.

    Last modified on අඟහරුවාදා, 22 ඔක්තෝබර් 2019 07:57

    Latest News