"දිරිය ඇය වෙනුවෙන් සෙනෙහසේ ඇරඔුම" කාන්තා ප්‍රඥප්තියට අත්සන් තැබේ (වීඩියෝ)

ඔක් 21, 2019

    මෙරට ජනගහණයෙන් 51%කට වැඩි කාන්තා පරපුරේ අයිතීන් සුරක්ෂිත කිරීම, සමානාත්මතාව සහ සාධාරණත්වය වෙනුවෙන් දිරිය ඇය වෙනුවෙන් සෙනෙහසේ ඇරඹුම කාන්තා ප්‍රඥප්තියට අත්සන් තැබීම, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අතින් අද (21) දින කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගනයේ දී සිදු කෙරිණ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා ...

    මෙරට කාන්තා අයිතීන් සුරැකීම වෙනුවෙන් ජනාධිපතිධුර අපේක්‍ෂකයෙකු සහ කාන්තා පරපුර අතර සමාජ ගිවිසුමකට අත්සන් තබන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. විවිධ හේතූන් මත කාන්තාවන්ට සිදුවන අසාධාරණය හිංසණය නැති කර මෙරට කාන්තාවන් ශක්තිමත් කිරීම සඳහා අද දින එළිදක්වන මෙම ප්‍රඥප්තිය තමන් බලයට පැමිණ මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තු අනපනත් යටතේ නීතිගත කර ක්‍රියාත්මක කරනවා.

    මෙම ප්‍රඥපතිය මගින්

    - සමාජ ආර්ථික කටයුතුවල දී කාන්තාවන්ට ඉහළ දායකත්වයක් ලබාදීම

    - උසස් අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු සියලු පහසුකම් ලබාදීම

    - කිසිවෙකුගේ බලපෑම්වලින්, බාධාවලින් තොරව සංස්කෘතික ආගමික කටයුතුවල නිරත වීමට අවස්ථාව ලබාදීම

    - පාර්ලිමේන්තු කාන්තා නියෝජනය 25%හි ඉලක්කය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම

    - කාන්තා අයිතීන් ශක්තිමත් කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් ආරම්භ කිරීම

    - කාන්තාවන්ට ස්වයං රැකියා ශක්තිය ලබාදීම සඳහා ස්වයං රැකියා ආධාර ලබාදීම

    - රැකියාවල නිරත කාන්තාවන්ගේ දරු දැරියන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම

    - වැටුප් සහිත මාතෘ නිවාඩු පුළුල් කිරීම

    - මාතෘත්වය හේතුවෙන් රැකියා අහිමි කාන්තාවන්ට නව නීති ක්‍රියාත්මක කර නැවත එම රැකියා ලබා දීමට කටයුතු කිරීම

    - කාන්තාවන් සහ දරු දැරියන් වෙනුවෙන් සුවිශේෂී අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

    - යුද්ධයෙන් අවතැන් වූ සහ වැන්දඹු වූ කාන්තා මූලික පවුල්වල අවශ්‍යතා ඉටු කිරීම සඳහා විශේෂ රැකියා අවස්ථා, නිවාස අධාර, ඉඩම්,නීති ආධාර සහ ජීවනෝපාය ශක්තිමත් කිරීම

    - සතුටු පවුලක් නිර්මාණය කිරීමේ සංකල්පය ක්‍රියාත්මක කිරීම

    - සුද්‍ර මූල්‍ය ආයතනවලින් අධික පොලියට ණය ලබාගෙන විපතට පත්වන සිටින කාන්තාවන්ට සහනය ලබා දෙමින් සුද්‍ර මූල්‍ය ණය සම්පූර්ණයෙන්ම කපා හැරීමට කටයුතු කිරීම...

    - නව ව්‍යාපාර නව ව්‍යවසාය ආරම්භ කිරීම සඳහා සහන පොලියට ණය ලබාදීමේ අරමුණින් ජාතික කාන්තා බැංකුවක් ස්ථාපනය කිරීම.

    - අත්සන් තබන ප්‍රඥප්තිය ක්‍රියාවට නැංවීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ඒ සඳහා විශේෂිත ඒකකයක් ස්ථාපනය කිරීම.

    - තම රජය යටතේ අලුතින් මත්පැන් අලෙවිසැල් බලපත්‍ර ලබාදීම තහනම් කිරීම

    - පාසල් ආසන්නයේ ආරම්භ කර ඇති මත්පැන් අලෙවිසැල් වසා දැමීම

    - කුඩු සහ මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක කරන කප්පිත්තන්ට උපරිම දඬුවම් ලබාදීම

    - කාන්තා හිංසණයට නීතිය මගින් ලබාදෙන දඬුවම දැඩි කිරීම සහ නව නීති ගෙන ඒමට

    කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    මෙම කාන්තා වැඩමුළුවට හේමා ප්‍රේමදාස මැතිනිය, චන්ද්‍රාණි බණ්ඩාර, තලතා අතුකෝරල, අනෝමා ගමගේ, ජෝන් අමරතුංග, හර්ෂ ද සිල්වා, සුජීව සේනසිංහ, එරාන් වික්‍රමරත්න, විජයකලා මහේෂ්වරන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, රෝසි සේනානායක, ජලනි ප්‍රේමදාස, අනෝමා ෆොන්සේකා, යන මැති ඇමතිවරුන්, මහත්ම-මහත්මීන් ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් එක්ව සිටියහ.

    Last modified on සදුදා, 21 ඔක්තෝබර් 2019 19:38

    Latest News