දිස්ත්‍රික් කිහිපයකට නාය අනතුරු නිවේදන (වීඩියෝ)

ඔක් 21, 2019

    රත්නපුර, කෑගල්ල, බදුල්ල යන දිස්ත්‍රික්ක සඳහා නාය අනතුරු නිවේදන නිකුත් කර තිබේ.

    මේ අතර, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්වය තවදුරටත් අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි වර්ෂාපතනයක් ඇතිවිය හැක.
    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා....

    “මේ වනවිට නායයාම් නිවේදන විධියට කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට ප්‍රදේශය අදියර දෙක යටතේ ලබාදීලා තියෙනවා. අදියර එක යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇහැලියගොඩ, බලංගොඩ, ඉඹුල්පේ, ඕපනායක යන ප්‍රදේශ නම් කරලා තියෙනවා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින්. බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශයත් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශයත් අදියර 01 යටතේ නිවේදන නිකුත් කර ඇතැයි“ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

    එළුවන්කුලම ප්‍රදේශයෙන් කලා ඔය පිටාර ගැලීම නිසා පුත්තලම මන්නාරම මාර්ගය ජලයෙන් යටව පවතී. අධික වර්ෂාව නිසා නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහත් බිම් රැසක් ද ජලයෙන් යටවිය.
    රාජංගන ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කර තිබේ
    Weatjer px 900 21 10 19

    තබ්බෝව ජලාශයේද වාන් දොරටු 06ක් විවෘත කෙරිණ. මීට අමතරව, අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් ද, දැදුරු ඔයේ වාන් දොරටු 8ක් ද, කුකුළේ ගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් ද විවෘත කර තිබේ. එම ජලාශයට පහළ බිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

    Last modified on සදුදා, 21 ඔක්තෝබර් 2019 19:46

    Latest News