සජිත් ජනපති වු පසු කාබන් බද්ධ ඉවතට

ඔක් 16, 2019

    ජනාධිපති බවට පත්වු පසු, කාබන් බද්ධ ඉවත් කිරීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ ඊයේ (15) නාරම්මල සති පොළේදී පැවති ජනහමුව අමතමිනි.

    සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීම සදහා නාරම්මල ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි ගාමිණි විජේරත්න මහතාද එක් වුයේය.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා.

    වගා කටයුතු කරන ගොවි ජනතාවටත්, කර්මාන්ත කරුවන්ටත් ලබාදිය හැකි උපරිම සහන ලබා දෙනවා. ඔවුන්ගේ කර්මාන්ත ශාලා ශක්තිමත් කර, ආර්ථික වශයෙන් සවිබල ගන්වනවා. ජනතාවගේ හද ගැස්ම අවබෝධකරගෙන වැඩ කටයුතු කරගන්න ඕන. මා ජනාධිපති බවට පත්වු පසු කාබන් බද්ද ඉවත් කරනවා. පරිසරය ආරක්ෂා කරන්න ඕන. මම පරිසරය හිතවාදියෙක්. පරිසර හිතකාමී පුද්ගලයෙක්. නමුත් දැන් පොදු ජනතාවගේ කරපිට බදු බර වැඩි වෙලා. මේ නිසා පොදු ජනතාව පීඩනයට පත්වෙලා. බදු පනවන්න පෙර එය ජනාවට දරාගත හැකිද යන අවබෝධය මත තමයි බදු ප්‍රතිඵත්තිය ක්‍රියාත්මක කළ යුත්තේ.

    ව්‍යාපාරික ක්ෂත්‍රයත් දුක්ඛිත තත්වයට පත්වෙලා. මේ නිසා ඔවුන්ට ලබාදිය හැකි උපරිම ආර්ථික ශක්තිය උපරිම ප්‍රතිලාභ, උපරිම සහන ලබාදෙන්න අපි කටයුතු කරනවා. ව්‍යවසායකත්වය ශක්තිමත් කරමින්, සුළු හා මධ්‍යයම පරිමාණයේ ව්‍යාපාරය ශක්තිමත් කරන්න, ඒ ව්‍යාපාර ගොඩ නැගීම සදහා දිය හැකි උපරිම සහයෝගය ලබාදෙන්න කටයුතු කරනවා. නව නිර්මාණවලට, නව සැලසුම් වලට, නව පාලනයට, මුල්තැන ලබාදී දැනුම මත පදනම් වු ආර්ථිකයක් නිර්මාණය කරන්න අප කටයුතු කරනවා.

    Last modified on බදාදා, 16 ඔක්තෝබර් 2019 13:16

    Latest News