බැසිල්ගේ දිවිනැගුම නඩුව නොවැම්බර් 07 විභාගයට

ඔක් 16, 2019

    2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම අරමුදලේ රුපියල් මිලියන 2991 ක් නිවාස ආධාර වශයෙන් ලබා දීමෙන් රජයේ අරමුදල් සාවද්‍ය පරිහරණ චෝදනා කරමින් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව නඩුවේ විභාගය නොවැම්බර් 07 තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 2992 ක මුදලක් දිවිනැගුම ආධාර ලාභීන්ට නිවාස ආධාර වශයෙන් ලබා දීම මගින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා විසින් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක, එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දූල තිලකසිරි යන අය නම් කර ඇත.

    Last modified on බදාදා, 16 ඔක්තෝබර් 2019 14:30

    Latest News