විශේෂ ජනාධිපති කොමිසමක කාලය දීර්ඝ කෙරෙයි

අගෝ 24, 2022

    මාර්තු මස 31වැනිදා සිට මැයි මස 15වැනිදා දක්වා කාලය තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ ගිනිතැබීම් ඇතුළු විනාශකාරි සිද්ධීන් පිළිබඳ සෙවීම සඳහා පත් කළ කොමිසමේ කාලය දීර්ඝ කර තිබේ.

    ඒ අනූව එහි කාලය ලබන නොවැම්බර් මස 30 වැනිදා දක්වා දීර්ඝ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

    අදාළ සිද්ධින් පිළිබඳ සොයා බලා අගෝස්තු 31 වැනි දිනට පෙර ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දන්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එම කොමිසම පත් කර තිබිණ. 

    අදාළ ගැසට් නිවේදනය පහතින්

    9b670ee47f89e49706f80efbb9409b75

    Latest News