ශ්‍රී ලංකාවේ රත්රන් ඇති බවට තහවුරුයි (වීඩියෝ)

ඔක් 12, 2019

    සේරුවිල යකඩ, තඹ නිධියේ රත්රන් ඇති බවට තහවුරු වී තිබේ.

    ඒ භූ විද්‍යා සමීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා ප්‍රංශ භූ විද්‍යා ආයතනය එක්ව කරන ලද පරීක්‍ෂණ මගින්. සේරුවිල යකඩ, තඹ නිධිය පිහිටා ඇත්තේ, අරිප්පු, කොල්ලකුලම්, බ්ලොක්-සී කලාපයේ වර්ග කිලෝ මීටර සියයකට පමණ ප්‍රදේශයකයි.

    gold 00

    මහා වංශයට අනුව දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය ඉදිකිරීමට සේරුවිල නිධියෙන් රත්රන් ලබාගෙන ඇති බවට තහවුරු වේ. මෙම නිධිය පිළිබඳ ප්‍රථම ගවේෂණය සිදුකර ඇත්තේ, 1971 දී. ඒ, එවකට පැවති භූ විද්‍යා සමීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින්, මූලික ගවේෂණයෙන් පසුවයි.

    gold 03

    ප්‍රංශ භූ විද්‍යා සහ කැණීම් පිළිබඳ පර්යේෂණ කාර්යාංශය සමඟ එක්ව සවිස්තර ගවේෂණය සිදු කර තිබේ. සිදු කළ නිරීක්‍ෂණවලට අනුව එම නිධිය මෙට්‍රික් ටොන් මිලියන 03කින් සමන්විත බව හඳුනාගෙන තිබේ. ඉන් 40%ක් යකඩ ද 1%ක් තඹ ද පවතින බව, වාර්තා වේ. දශක 4කට පෙර ලබාගත් සාම්පල යක්කල, හරවිදුම් ගබඩාවේ ආරක්‍ෂිතව ඇති අතර ඉන් අහඹු සාම්පල 25ක් කාර්යාංශයේ විද්‍යාගාරයේ දී විශේලේෂණයට ලක් කෙරිණ. ඒවා විදෙස් විද්‍යාගාරයකදී විශ්ලේෂණය කිරීමේදී තහවුරු වුණේ එහි රත්රන් අඩංගු බවයි. පෘථිවි පෘෂ්ඨයේ සාමාන්‍යයෙන් රත්රන් පවතිනුයේ මුළු කොටස් බිලියනයකට රත්රන් කොටස් 4ක් වශයෙන් වුවද සේරුවිල නිධියේ රත්රන් කොටස් දාහ ඉක්මවා පවතින බව වාර්තාවේ.

    gold 04

    gold 01

     

    ආචාර්ය බර්නාඩ් ප්‍රේමරත්න...

    “මේ පාෂාණවල මැග්නඩයිඩ් නැතිනම් යකඩ ඔක්සයිඩ් නමැති ඛනිජය අපට දැකගන්න පුලුවන්. ඒ වගේම මැරසයිඩ් ඇසුරයිඩ් යන තඹ සංයෝගය ඒ වගේම තඹ සහ යකඩ සංයෝග තත්වයක් ද මේ පාෂාණවල දකින්න පුලුවන්. ඒ වගේම රත්තරන් ද අප ලබාගෙන ඇති සාම්පලවල අඩංගු බව සොයා ගෙන තිබෙනවා. නමුත් ඒවා පියවි ඇසට දැකගැනිමට නොහැකියි. ඒ වගේම පැලේඩියම් සහ ප්ලැටිනම් වැනි ඛනිජ සම්පත් ද ඇති බවට ලබාගෙන ඇති සාම්පලවලින් සොයා ගෙන තිබේනවා. මෙය අනාවරණය කර ඇත්තේ ප්‍රංශ පර්යේෂණ මගින් සිදු කළ විමර්ශන මගින්.

    අසේල ඉද්දවෙල මහතා.....

    “ශ්‍රී ලංකා භූමියේ සේරුවාවිල ප්‍රදේශයේ සිදු කළ පර්යේෂණ මගින් රත්තරන් ඇති බවට තහවුරු වී තිබෙනවා. දැනට කර ඇති පර්යේෂණ මගින් අනාවරණය කරගැනිමට හැකිව ඇත්තේ වර්ග කිලෝ මිටර් 100 ක ප්‍රමාණයක එය ඇති බවත්, කිලෝ මිටර් 5ක් පළල ප්‍රදේශයක මෙම රත්තරන් නිධි ව්‍යාප්තව ඇති බවයි. භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයට හෝ ශ්‍රී ලංකා රජයට මේ සම්බන්ධ පර්යේෂණ තනිව කරන්නට නොහැකියි. ඒ නිසා අපි දැන් දොරටු විවර කර තිබෙනවා දේශීය හෝ විදේශීය ආයෝජකයින්ට ඒ සඳහා දායකවන්නට.

    Last modified on සෙනසුරාදා, 12 ඔක්තෝබර් 2019 22:45

    Latest News