2015දී ඇල්පිටිය පැරදුනා නමුත් අපි ජනාධිපතිවරණය දින්නා; මරික්කාර් (වීඩියෝ)

ඔක් 12, 2019

    ඊයේ පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 56.3ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කළේය.

    නමුත් ඡන්ද විමසීමට ප්‍රථම ඒ සම්බන්ධයෙන් විවිධ පුරෝකථන ඉදිරිපත් වී තිබිණ.

    රමේෂ් පතිරණ මහතා....
    “එක්සත් ජාතික පක්‍ෂ යේ කථිකයින් අපිට අභියෝග කරනවා පුළුවන්නම් 80%ක ඡන්ද ප්‍රතිශතයක් අරගෙන පෙන්වන්න කියලා. අපි එම අභියෝගයත් ජය ගන්නට ලැහැස්ති තත්වයක තමයි ඇල්පිටියේ ඡන්ද හිටියේ කියලා අපි සඳහන් කරනවා. අපි කියනවා අද ගෝල්ෆේස් පිටිය දෙස නොව ඇල්පිටිය දෙස බලන්න. ජනාධිපතිවරණයේදී පිටිය සකස් වෙන හැටි බලාගන්න කියලා අපි මේ රටේ ජනතාවට ආරාධනා කරනවා“ යැයි රමේෂ් පතිරණ මහතා පැවසීය.

    කොළඹ අද පැවති උත්සවයකදී එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා ද ඇල්පිටිය ඡන්ද විමසීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.
    එස්.එම්. මරික්කාර් මහතා...

    “දැන් පොහොට්ටුවේ කට්ටිය කියනවා ඇල්පිටිය වගේ තමයිලු ලැබෙන ප්‍රතිඵලය. මම තමුන්නාන්සේලාට පෙන්වන්නම් පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා 42,015ක් අරගෙන 59.8%ක් ගත්තා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා 28,287ක් අරගෙන 39.7%යි. ඇල්පිටිය 2015 පරදිද්දි ජනාධිපතිවරණය අපි දින්නා. 2015 මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය 26,559යි. 40.83%යි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඒ ඡන්දෙත් ඇල්පිටිය දිනුම්. ආණ්ඩුව හැදුවේ යු.එන්.පී එක ඒ වගේම තමයි මේ ජනාධිපතිවරණයේදීත් කියන එක මම කියන්න කැමතියි“ යැයි මරික්කාර් මහතා පැවසීය.

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලෙස අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පිළිබඳව එහි නියෝජිතයන් පළ කළේ මෙවැනි අදහසක්.

    ජී.එච්. බුද්ධදාස මහතා...

    ඇල්පිටියෙත් ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ පොහොට්ටුවට විරුද්ධව ඡන්දෙ පාවිච්චි කරලා. පොහොට්ටුවත්, ශ්‍රී ලංකා නිදහස් සන්ධානයත් සන්ධානගත වෙලා දවස් දෙකක් යනකොට තමයි මේ ප්‍රතිඵලය. මේ ඡන්ද ප්‍රතිඵලයෙන් හොඳට පේනවා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්ද පොහොට්ටුවට ලැබෙන්නේ නැහැයි කියන එක“ යැයි බුද්ධදාස මහතා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 12 ඔක්තෝබර් 2019 22:14

    Latest News