විපතට පත් වු වල් ඌරෙකු බේරා ගැනීම

ඔක් 12, 2019

    වනජීවී ඒකක කීපයක දැඩි මෙහෙයුමකින් පසු අනතුරට පත් දළ ඌරෙකු බේරාගැනීමට හැකිවි තිබේ.

    හාලිඇල උඩුවර ප්‍රදේශයේ දී ඊයේ වල් ඌරෙකු අනතුරට පත් වී සිටි බව අප වාර්තාකරු පවසයි. මෙම වල් ඌරා තුවාල ලබා සිටියද බඩගාගෙන විත් දු කැලෑ ප්‍රදේශයක සැඟව ඇත.

    මොහු කෑගසන ශබ්දය ඇසී අසල්වැසියන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට කටයුතු කළේය. අනතුරුව මාධ්‍යවේදීන් හාලිඇල පොලිසිය හා ඇල්ල වනජීවී ඒකකය මෙම සත්වයා බේරාගැනීමට උත්සහ කළ ද මොහුගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම නිසා රනිදෙනිගල වනජීවි එකකයේ සහයෝගය ලබා ගැනීමට සිදුවිය. එම ස්ථානයට පැමිණි වන ජීවී නිලධාරීන් මෙම ඌරාව නිර්වින්දනය කර රන්දෙනිගල වනජීවී ඒකකය දක්වා රැගෙන ගියහ.

    බදුල්ල හා අවට වනජීවි ඒකකයක් නොමැතිවීම නිසා ඇල්ල හෝ රන්දෙණිගල හපුතලේ වනජීවී එකෙන් නිලධාරීන් පැමිණෙන තෙක් සිටීම නිසා අනතුරට ලක්වන වනජීවීන් පීඩාවට පත්වෙන අතර බදුල්ල ට වනජීවී ඒකකයක් ලබාදෙන ලෙස පරිසරවේදීන් හා ප්‍රදේශවාසීන් ඉල්ලා සිටි.

    Latest News