ලක්ෂපාන වසරකට පසු වාන් දැමීම අරඹයි

ඔක් 12, 2019

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලෙන අධික වර්ෂාවත් සමගම කාසල්රි ජලාශය පිටාර මට්ටම ඉක්මවා ගොස් අද (12) අලුයම සිට වාන් දැමිමට පටන්ගෙන තිබේ.

    අක්කර අඩි හැට අටදහසක වපසරියකින් යුත් කාසල්රි ජලාශය වසරකට පමණ පසු වාන් දමන ප්‍රථම අවස්ථාව බවයි විදුලි බල මණ්ඩලය කියා සිටි.

    කාසල්රි ජලාශය වාන් දැමිමත් සමග ඊට පහලින් වු විමලසුරෙන්ද්‍ර ජලාශයද වාන් දැමිමට පටන්ගෙන ඇත. එම ජලාශ දෙකම වාන් දැමිම නිසාවෙන් කැළණි ගගේ ජල මට්ටමද තරමක් ඉහල ගොස් ඇති බව විදුල බලාගාර ඉංජිනේරුවන් කියා පවසයි. මවුස්සාකැලේ ජලාශයේද පිටාර මට්ටමට ආසන්න වි ඇත.

    Latest News