ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු විවර කෙරේ

මැයි 14, 2021

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (13) දින පස්වරු සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නෝටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමන බවත්, ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බව නුවරඑළිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකොන් මහතා පවසයි.

    ඇද හැලුණු අධික වර්ෂාව ලක්ෂපාන ප්‍රදේශයට දැඩි බලපැමක් එල්ල කර ඇති බවත්, තවදුරටත් තද වැසි පතිත වුවහොත් ලක්ෂපාන ජලාශයේ සෙසු වාන්දොරටුව ද විවෘත කිරිමට ඉඩ ඇති බවත්, ඒ තුලින් කැලණි ගගේ ජල මට්ටම ඉහළ යා හැකි බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටින්නේ.

    අධික වර්ෂාව පවතින විට නායයාමේ සහ කදු කඩා වැටිමේ අවධානම් සහිත ස්ථානවල පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසට නුවරඑළිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටියි.

    Last modified on සිකුරාදා, 14 මැයි 2021 10:50

    Latest News