ඡන්ද නීතිය ගැන පොලිසියෙන් මතක් කිරිමක්

ඔක් 11, 2019

    ජනාධිපතිවරණය සමයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සම්බන්ධයෙන් පවතින නෛතික ප්‍රතිපාදන ඒ අයුරින්ම අනුගමනය කළ යුතු බව, පොලිසිය පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ජාතික රූපවාහිනියට විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව කියා සිටියේය. 

    “ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සඳහන් කරද්දි මෙගා හෝන් ඇතුළුව ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කරනවානම් අනිවාර්යෙන්ම පොලිසියෙන් බලපත්‍රයක් ලබාගත යුතු වෙනවා. ඒ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ හැකි කාලසීමාවක් තියෙනවා සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා ඒ දින දෙක ද ඇතුළුව උදේ 6.00 සිට රාත්‍රි 10.00 දක්වාත්, සිකුරාදා සහ සෙනසුරාදා උදේ 6.00 සිට අළුයම 1.00 දක්වාත්, ඉරිදා උදේ 6.00 සිට රාත්‍රී 12.30 දක්වා පමණයි භාවිතා කිරිමට හැකියාව තිබෙන්නේ. මෝටර් වාහන පනතේ තියෙන නීතිමය ප්‍රතිපාදන අනුව ශබ්ද විකාශන යන්ත්‍ර සවිකරගෙන වාහනයක ඒවා ක්‍රියාත්මක කරමින් ගමන් කිරිම තහනම් වෙනවා. රැස්වීම් භුමියක් සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරිම සඳහා අවසර ලබාගැනිම, බලපත්‍රයක් ලබාගැනීම පොලිසියට සිදුකළ යුතු වෙනවා. භූමියේ හිමිකරුගේ කැමැත්ත දැක්වෙන ලිපියකුත්, ශබ්ද විකාශන යන්ත්‍රවල හිමිකරුගේ කැමැත්ත දැක්වෙන ලිපියකුත් වගේම ඉල්ලුම්කරුගේ ඉල්ලීමත් පොලිසියට ලබාදීම අවශ්‍ය වනවා“ යැයි රුවන් ගුණසේකර මහතා පැවසීය.

    Latest News