අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවන් 02 ක් මාට්ටු: වටිනාකම රුපියල් කෝටි ගණනක්

ඔක් 08, 2019

    ඉන්දියාවේ සිට මෙරටට ගෙනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මවක් සහ දියණියක් කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මව සහ දියණිය සමඟ අත්අඩුගවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය 2.540 Kg වන අතර වටිනාකම රුපියල් දෙකෝටි පනස් හතර ලක්ෂයක් වේ. ඊයේ (07) රාත්‍රී 10.15ට චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 124 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇත.

    මෙම සැකකාරියන් දෙදෙනා ඉන්දියාවට සිට මෙරටට රෙදිපිළි රැගෙන විත් අලෙවි කරන ව්‍යාපාරිකයන් වන අතර, මව වත්තල ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි වියේ පසුවන්නියකි. දියණිය 36 හැවිරිදි, කොළඹ මට්ටක්කුලිය පදිංචිකාරිනියකි.

    ඔවුන් දෙදෙනා ගෙනා ගමන් මලුවල තිබු රෙදි පිළි අතර වූ, සිවිලිම් විදුලි පංකා දෙකක, මෝටර් කොටස මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සගවා තිබු බව ශ්‍රී රේගුව පවසයි. රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 500ක් මවගේ ගමන් මලුවල තිබි සොයා ගෙනා තිබේ. දියණිය විසින් රුපියල් එක් කෝටි හාර ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 040ක් ද සගවා ගෙන රැගෙනවිත් ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන්තොටුපළ රේගුව විසින් සිදු කරයි.

    Latest News