යහපාලනයෙන් රෝහල් 22 කට රුපියල් මිලියන 12,000 ක වෛද්‍ය උපකරණ

නොවැ 13, 2019

    ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් සැලසීමේ ලබාදීමේ අරමුණින් දිවයින පුරා පිහිටි රෝහල් 22 ක භෞතික සම්පත් ඉහළ නැංවීමට රුපියල් මිලියන 12,000 ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ බෙදාදීම පසුගියදා සිදුකෙරිණ.

    එය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු විය.

    මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා අංශය රුපියල් මිලියන 4000 ක් වටිනා උපකරණ මිලදී ගෙන බෙදාහැරීම සිදු කළ අතර, චීන ආධාර යටතේ රුපියල් මිලියන 5627 ක උපකරණ ද, ඔස්ට්‍රියානු ආධාර යටතේ රුපියල් මිලියන 1960 ක උපකරණ ද බෙදාහැරීම ද සිදු කර ඇත.

    කොළඹ ජාතික රෝහල රුපියල් මිලියන 341 ක්, මහනුවර ජාතික රෝහල රුපියල් මිලියන 311 ක්, කළුබෝවිල රුපියල් මිලියන 116 ක්, රාගම රුපියල් මිලියන 40, ගම්පහ රුපියල් මිලියන148ක්, වතුපිටිවල රුපියල් මිලියන 176 ක්, කළුතර රුපියල් මිලියන 328 ක්, පේරාදෙනිය රුපියල් මිලියන 55 ක්, මාතලේ රුපියල් මිලියන 155 ක්, අම්පාර රුපියල් මිලියන 51 ක්, කල්මුණේ උතුර රුපියල් මිලියන 228 ක්, වව්නියාව රුපියල් මිලියන 63 ක්, මන්නාරම රුපියල් මිලියන 162 ක්, කුලියාපිටිය රුපියල් මිලියන 102 ක්, බදුල්ල රුපියල් මිලියන 270 ක්, රත්නපුර රුපියල් මිලියන 296 ක්, කරාපිටිය රුපියල් මිලියන 143 ක්, සබරගමුව පළාතේ කෑගල්ල, මාවනැල්ල, කරවනැල්ල, බලංගොඩ ම්‍රලික රෝහල ආදි වශයෙන් වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ මෙහිදී බෙදා දෙන ලදි.

    මෙම උපකරණ අතර ප්‍රධාන වශයෙන් Endoscopy Machine, MRI Scanner, CT Scanner, Cath Lab, Anesthetic Machine, High Pressure Sterilizer, C Arm x Ray, Ventilator, Mammography, phaco machines, DSA Machines, Multi Parameter Monitor, Defibriliator, ECG Machines, Infusion Pump, Blood Gas Analyzer, Ultrasound Scanner, Ot Lamp (ceilimg), Table OT (Electrics), Pulse Oximeter, Ct Simulator, Phototherapy, infant Incubator, Infant warmer with resusitator, CTG Machine උපකරණ වන අතර, මීට අමතරව තවත් වෛද්‍ය උපකරණ 700 ක් පමණ ප්‍රමාණයක් මේ අතර වේ.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සංකල්පයකට අනුව විශේෂඥ පුහුණුව ලබා පැමිණෙන වෛද්‍යවරුන්, පිට පළාත් වල සේවය කරන අතර තුර ඔවුන්ගේ විශේෂඥ දැනුම උපයෝගි කරගෙන රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සිදු කිරිම සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ එම වෛද්‍යවරුන්ගේ ඉල්ලීම පරිදි අදාල රෝහල්වලට ලබාදීම ද විශේෂත්වයකි. වසර ගණනාවක සිට දිවයිනේ බොහෝ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම පරිදි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල උසස් තත්ත්වයේ වෛද්‍ය උපකරණ නිෂ්පාදන ලබාදීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ "සුවපත් රටක් සවිමත් දැයක්" සංකල්පයට අනුව සිදු කිරීම මෙහි ප්‍රධාන පරමාර්ථය විය.

     

    Latest News