ශ්‍රීලනිප අවසන් තීරණය අද

ඔක් 05, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (05) රැස්විමට නියමිතව තිබේ. 

    පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රි ජනාධිපති නිල නිවසේදී මධ්‍යම කාරක සභාව රැස්විම පැවැත්වීමට නියමිතයි. 

    ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණයකට අද දින එළඹීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රචාරක ලේකම් වීරකුමාර දිසානායක කියා සිටියේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පසුගිය 30 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අතර එහිදි ජනාධිපතිවරණය සම්බන්ධ අවසන් තිරණයකට එලඹීමට නොහැකි විණ. එ අනුව නැවතත් අද දිනයේ රැස්වීමට තිරණය කෙරිණ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් සමඟ ඊයේ (04) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

    මෙවර ජනාධිපතිවරණයේදි සංධාන ගතවීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවට 08ක් පවත්වා තිබේ. ජනාධිපතිවරණයදි තරග කරණ පක්ෂය සහ ලකුණ සම්බන්ධයෙන් එකඟතාවකට එළඹිමට නොහැකි වි ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක පවසයි.

    මෙවර ජනාධිපතිවරණයේ ඇප මුදල් භාර ගැනීම හෙට (06) දහවල් 12.00 ට අවසන්වේ. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පොහෝට්ටුව ලකුණෙන් ජනාධිපතිවරණයට තරග කිරිමට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 05 ඔක්තෝබර් 2019 12:00

    Latest News