මොහු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, නිතර වාණිජමය භාණ්ඩ ප්‍රවාහනයේ යෙදෙන 53 හැවිරිදි ඉන්දීය ජාතිකයෙක්.
ඔහු අද දින අලුයම 1.50 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ස්පයිස් ජෙට් ගුවන් සේවයේ එස්.ජී-001 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
මත්ද්‍රව්‍ය තොගයක පාර්සල් ලෙස සකස් කර ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මල්ලක වූ සාරි අතර අලවා ගෙන සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබිණ.
එහි කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 70 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.