හෙට සිට දුම්රිය දුවන්න ඉංජිනේරුවන් එක්වේ (වීඩියෝ)

ඔක් 02, 2019

    දැනට ක්‍රියාත්මක දුම්රිය වර්ජනයට පිළියමක් වශයෙන් දුම්රිය ඉංජිනේරු සංගමය දුම්රිය ධාවනයට එක්වන බව නිවේදනය කරයි.

    දුම්රිය ඉංජිනේරුවන් 100ක් පමණ හෙට(03) සිට කාර්යාල දුම්රිය ධාවනය සඳහා විශේෂයෙන් එක් වනු ඇති බව එම සංගමයේ සභාපති අශෝක මුණසිංහ මහතා පවසයි. ඒ අනුව අලුත්ගම සිට කොළඹ දක්වාත්, නුවර සිට කොළඹ දක්වාත්, මහව සිට කොළඹ දක්වාත් හලාවත සිට කොළඹ දක්වාත් දුම්රිය ධාවන කිරීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News