තොණ්ඩමන්ට අයත් නිවසක ගින්නක්

අගෝ 18, 2020

    වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා ඇතුළු පරම්පරා 3ක් වාසය කළ කොත්මලේ වැවන්ඩන් වත්තේ පිහිටි නිවස ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්නකින් මුළුමනින්ම විනාශ වී තිබේ. කිසිවෙකුටත් හානි සිදු වී තිබේ.

    1883 දී ඉදි කළ මෙම නිවසෙහි සෞඛ්‍ය මූර්ති තොන්ඩමාන් සහ ආරුමුගන් තොන්ඩමාන් යන මහත්වරුන් වාසය කළේය. නිවසේ සියලු ගෘහ උපකරණ විනාශ වී ඇති අතර, හානිය මෙතෙක් ගණනය කර නොමැත. ගින්න හට ගන්නා අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ, මුරකරු සහ භාරකරු පමණයි. ගින්නට හේතුව සොයා කොත්මලේ පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    Latest News