ලකුණේ බාදාව මැද Slfp යේ සහය පොහෝට්ටු අපේක්ෂකයාට: වීරකුමාර කියයි

ඔක් 02, 2019

    ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයා හට සහයෝගය දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

    කොළඹ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. අපේක්ෂකයාට සහාය දුන්නත් ඡන්ද ලකුණ පිළිබදව ගැටළුවක් පැන නැගී ඇති බව වීරකුමාර දිසානායක මහතා කියා සිටි.

    පොදුජන එක්සත් පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව අදහස් හුවමාරු කරගනිමින් කටයුතු කරන බව දිසානායක මහතා පැවසුවේය. විවිධ කණ්ඩායම් ජනාධිපතිතුමා සමග සාකච්ඡා පවත්වන නමුත් පළමු පුරවැසියා ලෙස ඔහු සමග ඕනෑම කෙනෙකුට සාකච්ඡා පැවැත්විය හැකි බව ද වීරකුමාර මහතා කියා සිටියේය.

    පක්ෂය අතහැර වෙනත් පක්ෂ වෙත ගොස් සිටින සාමාජිකයින්ට විනය පරීක්ෂණ පැවැත්වෙන බවත් පළමුවෙන්ම විනය පරීක්ෂණ පවත්වන්නේ ජාතික ලැයිස්තුවෙන් පත්ව වෙනත් කණ්ඩායම් සමඟ එක්වූ සාමාජිකයන්ට බව ඔහු කියා සිටියේය.

    ඇල්පිටිය ප්‍රාදේශ භාව ඡන්දය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩ කටයුතු ආරම්භ කර වීරකුමාර දිසානායක මහතා කියා සිටි.

     

     

    Latest News