විදෙස් මත්පැන් රෙගුලාසිවල වෙනසක්

ඔක් 02, 2019

    විදේශීය මත්පැන් ලීටර් 80 දක්වා ප්‍රමාණයක් සිල්ලරට විකිණීම, ප්‍රවාහනය හා සන්තකයේ තබා ගැනීමට අවසර දෙමින් රෙගුලාසි සංශෝධනය කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

    මීට පෙර සිල්ලරට විකිණීම, ප්‍රවාහනය හා සන්තකයේ තබා ගත හැකි විදේශීය මත්පැන් ප්‍රමාණය ලීටර් 7.5ක් වූ බවයි එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ. නීති විරෝධී මත්ද්‍රව්‍යවලට අදාළව නීති උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත්, ඒ සඳහා සුරාබදු නිලධාරීන් 1000කට අධික පිරිසක් අනියුක්ත කර ඇතැයි ද කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් පවසයි.

    ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් දිවයිනේ සියලු සුරාසල් අනිද්දා (03) වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

    Last modified on බදාදා, 02 ඔක්තෝබර් 2019 09:23

    Latest News