අපේ්කෂකයින් 17ක් ජනාධිපතිවරණයට ඇප දෙයි

ඔක් 02, 2019

    ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදිම සඳහා අපේක්ෂකයින් 17 දෙනෙකු මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබේ. පිළිගත් දේශපාලන පක්ෂ 9ක් හා ස්වාධීන අපේක්ෂකයින් 8ක් ඊට ඇතුළත්.

    අපේක්ෂකයෙකු හෝ පක්ෂයක් ප්‍රවර්ධනය වන ආකාරයෙන් මාර්ග දෙපස ඇති ඩිජිටල් නාම පුවරු හා සිනමා ශාලා තුළ ප්‍රචාරක පට ප්‍රචාරණය සපුරා තහනම් බව මැතිවරණ කොමිසම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේකෂකයන් වෙත මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් සී රත්නායක මහතා පවසයි.

    එවැනි ක්‍රියා මැතිවරණ නීතියට අනූව දඩුවම් ලැබිය හැකි වරදකි. එවැනි ප්‍රචාරණ කටයුතුවලට අදාළ කොන්ත්‍රාත්තුවලට එළැඹීම හා ප්‍රචාරය කිරීම ද දඩුවම් ලැබිය හැකි වරදක් බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

    Election 900px 19 10 02

    Election2 900px 19 10 02

     

     

    Last modified on බදාදා, 02 ඔක්තෝබර් 2019 09:53

    Latest News