අලුත් පරම්පරාව ජනාධිපතිවරණයට සූදානම්; සුපුන් විජේරත්න (වීඩියෝ)

ඔක් 01, 2019

    “යූත් ටූ ලීඩ්“ සංවිධානය කොළඹ අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ.

    එම සංවිධානයේ කැඳවුම්කරු සුපුන් විජේරත්න මහතා එහිදී අදහස් දක්වමින් කියා සිටියේ, අලුත් පරම්පරාවේ තරුණ-තරුණියන් ජනාධිපතිවරණයට විචාරාත්මකව සහභාගිවීමට සූදානමින් සිටින බවයි.
    එහිදී අදහස් දැක්වූ “යූත් ටූ ලීඩ්“ කැඳවුම්කරු සුපුන් විජේරත්න මහතා...


    “තරුණ කණ්ඩායමක් විධියට අපි සංවිධාන වෙලා දිනෙන් දින ක්‍රමයෙන් ක්‍රමය ගොඩනඟපු මතයක් තිබුණා. මේ රටේ තරුණ එකතුවෙච්ච මතයක් තිබුණා. ජනතාව එකතු වෙච්ච මතයක් තිබුණා. අඩුම තරමින් මේ ජනාධිපතිවරණයේ දී සියලු අපේක්‍ෂකයින් එක වේදිකාවකට එන්න කියන කාරණය. අපිට අවශ්‍ය වෙලා තිබුණා මේක කොතනින් හරි පටන් ගන්න. ලෝකයේ හුඟක් දියුණු රටවල්වල මෙවැනි සංස්කෘතියක් පවතිනවා. ජනාධිපති අපේක්‍ෂකවරු තැන්, තැන්වල එක එක්කෙනාට මඩ ගහගන්නවාට වඩා ඔවුන් එක එක තැන්වල එක එක කියනවට වඩා එකම වේදිකාවකට ඇවිල්ලා තමන්ගේ ප්‍රතිපත්ති, තමන්ගේ ක්‍රමවේදයන් ගැන කතා කරන සංස්කෘතියක් තියෙන්න ඕනේ. නමුත් ආසියාතික රටක් වශයෙන් අපේ රටේ එවැනි සංස්කෘතියක් තියෙනවද, එවැන්නකට අපි ළඟාවන්නේ කවදාද? කියන කාරණය ගැන හිතනකොට මේ අවස්ථාව පාවිච්චි කරන්නට පුලුවන් කියන ආකල්පය අපිට ඇතිවුණා. මේ මිනිසුන්ගේ අවශ්‍යතාවය සංවිධානය කරන්නට මාර්තු 12 ව්‍යාපාරයට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි ඔවුන් සූදානම් වෙලා ඉන්නවා ඔක්තෝබර් 5 වැනිදාට සිද්ධ කරන්නට. ප්‍රධාන සියලුම මාධ්‍ය සජිව විකාශය සඳහා එයට සූදානම් වෙලා තියෙනවා. මේ අවස්ථාව මේ රටේ ඕනෑම ජනතාවට බලන්න හැකියාව ලැබෙනවා සජිවිව“ යැයි සුපුන් විජේරත්න මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 01 ඔක්තෝබර් 2019 19:21

    Latest News