දුම්රිය සංවෘත්ත සේවාවක් කරන්න එකඟවුණා..තවදුරටත් වර්ජන බෑ..(වීඩියෝ)

ඔක් 01, 2019
  • රාජ්‍ය සේවයේ වැටුප් ගැටලුව විසදීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සහ වෘත්තීය සමිති නියෝජිතයින් අතර පැය හයකට අධික කාලයක් ඊයේ සාකච්ජා කළ බවත් ඔවුන්ගේ ගැටළු සඳහා සාර්ථක ප්‍රතිඵල ලබා දුන් බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

    ජනාධිපති ලේකම් කර්යාලය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. අද දිනය තුළ දුම්රිය වැඩ වර්ජනය නවතින බවයි ඔහු ජනාධිපති ලේකම් කර්යාලය ඉදිරිපිට දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

    මාධ්‍යයට අදහස් දැක්වූ අශෝක අබේසිංහ මහතා..

    දුම්රිය වැඩවර්ජනය පිළිබඳව ඊයේ සාකච්ජා කළා අනුකමිටුව..ඔවුන් යම් යම් ඉල්ලීම්ක කළා..විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න විසඳන්න දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත්ත දෙපාර්තමේන්තුවක් බවට පත් කරලා..ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරළා තියෙනවා..

    ඔවුන් කියනවා සාකච්ජා අසාර්ථකයි..තවමත් වැඩවර්ජනය නවත්වන්නේ නෑ කියලා..

    එතන අපිත් එක්ක සාකච්ජා කරළා නවත්තනවා කියලා එළියට ඇවිත් එක්කෙනෙක් දෙන්නෙක් එහෙම කියනවා..ඒක නිසා තමයි අපි කියන්නේ මේක දේශපාලන ව්‍යාපෘතියක් කියලා..කවදාවත් මන්ත්‍රීවරු ඇමතිවරු මේ විදිහට සාකච්ජා කරළා නෑ කියලා කියලා..එළියට ගිහිල්ලා මේවගේ දේවල් කරන්නේ තනිකර දේශපාලනය..මේ වැඩවර්ජනය අවසන් කළේ නැත්නම් රජයක් විදිහට අපි ඒකට මුහුණ දෙනවා..පුළුවන්නම් කරලා බලන්න කියන්න මම අභියෝග කරනවා..ඔවුන් ඉල්ලීම්ක කළා සංවෘත්ත සේවාවක් බවට පත් කරන්න කියලා..කැබිනට් මණ්ඩලය එය අනුමත කළා..සංවෘත්ත සේවාවක් බවට පත් කළාම වැටුප් තල වෙනස් වෙනවා..ඒක කාටවත් බලපාන්නේ නෑ..ඉල්ලීම් දෙද්දිත් වැඩවර්ජනය කරනවා නම් අපි බලමු...මොකද ජනතාව මේ විදිහට තලාපෙළන්න බෑ..

    ඇමතිතුමා මීට ඉස්සරලත් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කළා නේද?

    ඔව් ඒ වෙලාවේ ඒ ගොල්ලෙම ඇවිත් තමයි ඉල්ලුවේ මේක අත්‍යවශ්‍ය සේවාවක් කරන්න එපා..උසාවි ගෙනියන්න එපා කියලා..එහෙම කියපු අයම තමයි දැන් ඔය ඉන්නේ..ලක්ෂ 3කට වැඩිය පඩියක් ගන්නවා දුම්රිය රියදුරෙක්..දුම්රිය නියාමකවරු ලක්ෂ දෙක හමාරකට වැඩිය ගන්නවා..දුම්රිය ස්ථානාධිපතිවරු ලක්ෂ 2කට වැඩිය ගන්නවා..කෝටි ගානක් පාඩු වෙනවා..අපි කෝටි 50,000ක් ආයෝජනය කරලා තියෙනවා..තමන්ගේ දරු පවුල් නඩත්තු කරනවා නම් මෙච්චර සල්ලි අරගෙන..අපි මෙච්චර නම්‍යශීලී වෙලා තියනවානම් කියන කියන දේවල් කරන්න..ලංකා ඉතිහාසයේ රාජ්‍ය සේවයේ කොයි රජයට සියයට එකසිය හතක් පඩි වැඩි කෙරුවේ..ඒවගේම ලක්ෂ 3කට වැඩිය පඩියක් ගන්න කෙනෙක් මොනවද මේ ජනතාව අපහසුතාවයට පත් කරන්න කරන්නේ..

    https://www.youtube.com/embed/I3MDvQDcxgg
    Last modified on අඟහරුවාදා, 01 ඔක්තෝබර් 2019 15:04

    Latest News