අත්‍යාවශ්‍ය නම් පීඩා විදින ජනතාව වෙනුවෙන් ඉදිරිපත්විමට සුදානම්: යුද හමුදාපති (විඩියෝ)

ඔක් 01, 2019
  • ජනතාවගේ ආරක්ෂාව සහ දිනපතා කාර්යන් පවත්වාගෙන යාම සඳහා කළ හැකි ඕනෑම කාර්යක් සිදුකිරිමට යුද හමුදාව සුදානම් යැයි යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද (01) අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස පැවැති විශේෂ ආගමික වැඩසටහනින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව අද සඳහන් කළේය.

    විවිධ අංශ සඳහා කෙටිකාලීනව යුද හමුදාවට යම් මැදිහත් වීමකත් සිදු කළ හැකි බවත් එය අවශ්‍යතාව අනුව සිදුවන්නක් යැයි යුද හමුදාධිපතිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා........

    සෑම කටයුත්තක්ම පැවරුනු සහ එවාට විශේෂ හැකියාව ඇති අය සිටිනවා. එවා ඒ ඒ අයට අයිති දෙවල් . මේවා හමුදාවට අයිති දේවල් නොවේ. එමෙන්ම අත්‍යාවශ්‍ය සේවා සඳහා යුද හමුදාව යම් කිසි දෙයකට ඇරයුම් කරනු ලැබුවහොත් තමන්ට කළ හැකි උපරිමය සිදුකරනවා. නමුත් අපි දැන ගන්න ඕනේ ඒ කාර්යන් වලට දක්ෂ අය ඒ අයතනවලයි සිටින්නේ ඒක නිසා එගොල්ලන් තමයි එවා කරගෙන යන්න අවශ්‍ය යැයි ඔහු කියා සිටියේය.

    Latest News