රාජ්‍ය ඇමති රන්ජන්ගේ අධිකරණ අපහාස නඩු විභාගය ඔක්තෝබර් 24

සැප් 30, 2019

    අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින්ත්‍ අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල අද සිට ශ්‍රේෂ්ඨාධිකරණය දී යළි විභාගයට ගැණින.

    සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙය විභාගය පැවැත්වුණා.

    එහිදී "උසාවිය නිහඬයි" නමැති චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මහතා සහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වරයා ගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදු විය. අනතුරුව වැඩිදුර නඩු විභාගය ලබන 24 වනදා දක්වා කල් තැබීමට නියම කළා.

    පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා යන මහත්වරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක මහතාට එරෙහිව එම චෝදනා පත්‍රය ගොනු කර තිබෙනවා. 2017 වසරේ අගෝස්තු මස 21 වනදා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් පසුව ජනමාධ්‍ය වලට අදහස් පලකල රංජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත බව ප්‍රකාශ කර තිබුණා.

    ඒ තුළින් මෙරට විනිසුරුවරුන් සහ අධිකරණ පද්ධතිය පිළිබඳව රංජන් රාමනායක මහතා මහජනතාව තුළ පවතින විශ්වාසය හීන කරන ආකාරයෙන් කටයුතු කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

     

     

     

    Latest News