සාම හමුදා රාජකාරියට රවිනාථගෙන් යළි ඉල්ලීමක්

සැප් 30, 2019

    ශ්‍රී ලංකා හමුදාව, එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යෙදවීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය පිළිබඳව යළි සළකා බලන ලෙස විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා තිබේ.

    ඒ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවට සහභාගී වීම සඳහා අමෙරිකාවට ගොස් සිටින ආරියසිංහ මහතා, එක්සත් ජාතීන්ගේ සාම සාධඛ මෙහෙයුම් පිළිබඳ ලේකම් ජින් පියරේ ලක්වා මහතාගෙන් මෙම ඉල්ලීම කර තිබේ.

    මෙහි දී විදේශ ලේකම්වරයා එක්සත් ජාතීන්ගේ ලේකම්වරයාට ඔවුන්ගේ තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීය. එහිදී ලේකම්වරයා සඳහ් කර ඇත්තේ, දැනට ඉවත් කිරීමට තීරණය කර ඇති සංඛ්‍යාවට වඩා එම ප්‍රමාණය වැඩි නොකරන බවයි. දැනට ලෙබනනයේ සාම සාධඛ මෙහෙයුම්වල නිරතව සිටින ශ්‍රී ලංකා සාම සාධක භට පිරිසේ මෙහෙයුම් අවසන් වූ පසු යළිත් ශ්‍රී ලංකා හමුදාවෙන් භට පිරිස් බඳවා නොගැනීමටයි තීරණය කර ඇත්තේ. එම ප්‍රමාණය සම්පූර්ණ සාම සාධඛ භටපිරිසෙන් 25%ක්. ශ්‍රී ලංකා හමුදාව 1960 වසරේ සිට එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීවල නිරතව සිටියි.

    Last modified on සදුදා, 30 සැප්තැම්බර් 2019 09:53

    Latest News