අනාගත අභියෝගයක් ගැන අගමැතිගෙන් හෙළිදරව්වක් (විඩියෝ)

නොවැ 25, 2018
  • ආණ්ඩු ගොඩනැගීමට කතාකරන අය පසුගිය වසර තුනේදී රට ආර්ථික අගාධයකට ඇද දැමූ බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

    රට ප්‍රපාතයෙන් ගොඩගැනීමට තිබෙන අවසන් අවස්ථාව ද මෙයයි. ඉදිරියේදී ජනාධිපතිතුමා හා එක්වී බල සම්පන්න ජනතා හිතවාදී ආණ්ඩුවක් ගොඩනඟන බව එතුමා පැවසීය. අග්‍රාමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළේ මෙරට වත්මන් ආර්ථික, දේශපාලන සහ සාමාජයීය තත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින්.

    මම පසුගිය 15 වැනිදා පාර්ලිමේන්තුවේදී යෝජනා කළා ජනතා පරමාධිපත්‍යයට ඉඩ දීලා මැතිවරණයකට යමු කියලා. ජේවිපේ එක ඒකට එකඟ වුණා. නමුත්, එජාපය ජනාධිපතිවරණයකට යමු කියලා මඟ හැරියා.

     

    එම නිසා මේ වෙලාවේ ජනාධිපතිවරණයක් පැවැත්විමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මේ රට ගොඩනගන්න බැරි බව පැහැදිලි වෙනවා. මේ රට ගොඩ නැගීමට තිබෙන අවසන් අවස්ථාවයි. එම අවස්ථාව මඟ හැරියොත් අපට වෙන්නේ ග්‍රීසියට වුණදේ.

    යුඑන්පි ආන්ඩුව පසුගිය කාලසීමාව තුළ ජනතාව මත විශාල වශයෙන් බදු බර පටවමින් ඔවුන් යාන-වාහන සහ අතිවිශාල වියදමක් සහිත විදේශ ගමන් සඳහා මුදල් වැය කළා. මේ ප්‍රපාතයෙන් රට ගොඩගන්න අපට පමණක් පුලුවන් බවයි ජනාධිපතිතුමාගේ විශ්වාසය වී ඇත්තේ.

     

     

     ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on ඉරිදා, 25 නොවැම්බර් 2018 20:32

    Latest News