විධිමත් පත්වීමක් නැති සමෘද්ධි නිලධාරීන්ට ස්ථිර පත්වීම්

නොවැ 25, 2018

    විධිමත් පත්වීමක් නොමැති 14,000කට අධික සමෘද්ධි නිලධාරීන්ට ස්ථිර පත්වීම් ලබාදීමට, නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


    එම තීරණය ගනු ලැබුවේ, අමාත්‍ය විමල් වීරවංශ මහතා, වෘත්තිය සමිති ප්‍රධානීන් හා අමාත්‍යාංශ නිලධාරීන් සමඟ අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවකදී. සමස්ත ලංකා සමෘද්ධි කෘෂි නිලධාරීන්ගේ සංගමය හා සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් නිලධාරීන් සාකච්ජාවට එක්වූහ.

    මෙහිදී තීරණය කෙරුණේ. ඉදිරි සතිය තුළ පත්වීම් ලබාදීමටයි. පත්වීම් ලබාදීමේ ක්‍රියාවලිය රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සිදු කෙරෙන අතර, අමාත්‍යාංශය ඊට මැදිහත් වී ක්‍රියා කළ යුතු බවයි අමාත්‍ය විමල් වීරවංශ මහතා නිලධාරීන් හමුවේ කියා සිටියේ. නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි සමරසිංහ මහතා ඇතුළු නිලධාරීන් මේ අවස්ථාවට එක්වූහ.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News