අපරභාගයේ ගිගුරුම් සහිත වැසි

නොවැ 26, 2018

    මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වල අපර භාගයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සබරගමුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලි මීටර 75 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකියි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද හටගනු ඇති. අකුණු මගින් සිදුවන අනතුරු අවමකර ගැනීමට පියවර ගන්නා ලෙසයි, එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

    කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති. කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට ඉහළ යා හැකියි. එවිට එම මුහුදු ප්‍රදේශ තරමක් රළුවන බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

    Latest News