යුද හමුදාව පොලීසිය එක්ව කුම්බිකුලම වනයේ මෙහෙයුමක්

සැප් 29, 2019

    හබරණ හිරිවඩුන්න හා දිගම්පතන තුම්බිකුලම රක්ෂිතයේ මිය ගිය වන අලින් හත් දෙනාගේ සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ සිදු කෙරිණ.

    ඒ ගිරිතගේ වන ජීවී පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය දිනූෂා ද සිල්වා මෙනෙවියගේ මෙහෙයවීම යටතේයි. ඊයේ පස්වරුවේ හිරිවඩුන්න වැව් රක්ෂිතයේ මියගොස් සිටි තවත් එක් ඇතින්නියකගේ පශ්චාද් මරණ පරික්ෂණය සිදු කෙරිණ. පසුගිය දින දෙක තුළ පශ්චාද් මරණ පරීක්ෂණ සිදුකළ මිය ගිය වන අලින් සිව්දෙනාගේ සිරුරු මිහිදන් කිරීමට කැකිරාව මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබේ. අද දින ඉතිරි ඇතින්නියන් තිදෙනාගේ මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.

    මිය ගිය ඇතින්නියන්ගෙන් ලබා ගත් අභ්‍යන්තර සිරුරු කොටස් රජයේ වෛද්‍ය පරීක්ෂණාගාර හා පේරාදෙණිය විශ්විවිද්‍යාලවලට ලබා දී තිබේ. ඊයේ දින ද මියගිය ඇතින්නියන් අසළට වනඅලි රංචු පිටින් පැමිණෙනු දැක ගත හැකිවිය. ඒ හේතුවෙන් පශ්චාද් මරණ පරීක්ෂණ කඩිනමින් සිදුකර නිලධාරීන්ට ඉවත් වීමට සිදුවිය. අද දිනයේත් යුද හමුදාව පොලීසිය හා වනජීවී නිලධාරීන් එකතුව තුම්බිකුලම වනයේ තවත් මියගිය වන අලින් සිටිදැයි සොයමින් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

     

     

    Last modified on සදුදා, 30 සැප්තැම්බර් 2019 07:37

    Latest News