දුම්රිය ගැටළුවට උතුරේ බස්වලින් විසඳුමක්

සැප් 28, 2019

    උතුරු පළාතේ ලංගම හා පෞද්ගලික ඒකාබද්ධ විශේෂ බස් සේවාවක් ක්‍රියාවට නංවා තිබේ.

    ඒ දුම්රිය වැඩවර්ජනයෙන් මගී ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීම අරමුණෙන්. දුම්රිය වර්ජනයෙන් ජනතාවට මතුව ඇති දුෂ්කරතා පිළිබඳ අවධානය යොමු කරමින් මේ තීරණය ගෙන තිබේ. වවුනියාව දුම්රිය ස්ථානයේ සිට විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මකයි. ඒ වවුනියාව සිට කොළඹ,නුවර,ගාල්ලා හා මාතර දුර ගමන් සේවා හා තදාසන්න ප්‍රදේශ ධාවනය සඳහායි.

    Last modified on සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2019 12:36

    Latest News