විදෙස් ණය ගැටලුව ගැන මහාචාර්ය ලලිත්ගෙන් හෙළිදරව්වක් (විඩියෝ)

නොවැ 25, 2018
  • විදෙස් ණය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට කිසිදු බාධාවක් නොමැති බව, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පවසයි.

    අන්තර් ජාතික වෙළෙඳ පොළට පිවිස ණය ලබාගැනීමට රජයට මේ අවස්ථාවේදී කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද ඔහු අවධාරණය කරයි. ඉදිරි වසර සඳහා විදෙස් ණය ගෙවීමට අවශ්‍ය ප්‍රමාණවත් සංචිත රජය සතුව ඇති බවයි, ජාතික ආර්ථික සභාවේ මහලේකම්වරයා කියා සිටියේ.

    මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා - අපේ රටේ දැනට තිබෙන විදේශ විනිමය සංචිත සහ මහා භාණ්ඩාගාරය සහ මහ බැංකුව විසින් මේ වසර අග වෙනකොට සහ එන වසරේ මුලදී ලබාගැනීමට සැලසුම් කරලා තියෙන අරමුදල් අපේ රටට ණය ගැනීම පිළිබඳ කිිසිදු ගැටලුවක් වෙන්නේ නැහැ. 2019 වසරේ තියෙන සියලුම ණය ගෙවීමේ හැකියාව තියෙනවා.

    ඊට අමතරව අපි වෙනත් මහ බැංකු සමඟ විදේශ විනිමය හුවමාරු ගිවිසුම් සකස් කිරීම සඳහා ක්‍රියාමාර්ග දැන් ගෙනියනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට වාර්ෂිකව විදේශ ආධාර සහ විදේශීය සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන ප්‍රේක්ෂණ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ඉපැයීම් ආදී වශයෙන් අපට සෑහෙන මුදල් ප්‍රමාණයක් වාර්ෂිකව ලැබෙනවා.

    මේ සියලු දේවල්වලින් අපිට සාමාන්‍ය වශයෙන් සංචිතවල වර්ධනයක් කරගන්නට පුලුවන්කම තියෙනවා. මහ බැංකුව සහ මහාභාණ්ඩාගාරය සතු සංචිත සහ ඔවුන් දැනටමත් ලබාගැනීම සඳහා සැලසුම් කර ඇති අරමුදල් ගත්තහම අපිට පැහැදිලිවම ඩොලර් බිලියන දෙකක් වගේ ප්‍රමාණයක් එන මාස කිහිපය තුළ ලබාගැනීමේ හැකියාව තියෙනවා.

    ස්ථිර වශයෙන් අපේ මුළු ස්වාරීත්ව ණය සඳහා ගෙවීමට සිදුවන්නේ ඩොලර් බිලියන 1.5ක් පමණයි. එතනින් එහාට අපිට ව්‍යාපෘති සඳහා ගත් ණය ආදි වශයෙන් අපිට ඩොලර් බිලියන 5.8ක වාගේ ණය ප්‍රමාණයක් එන අවුරුද්දේ ගෙවන්න සිද්ධවෙනවා. මේ අවස්ථාවේදී අපට විදේශ වෙළෙඳ පොළවලට ගිහිල්ලා ණය ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ.

    අපිට අවශ්‍ය වෙලාවකදී එන අවුරුද්දේ පසුකාලීනව වෙළෙඳ පොළ තත්වයන් හොඳ වුණ අවස්ථාවක විදේශ වෙළෙඳ පොළට ගිහිල්ලා පැහැදිලිවම ණය ගැනිමට හැකියාවක් ලැබේවි. ණය ගෙවීමේ හැකියාවක් පිලිබඳ කිසිසේත්ම මේ අවස්ථාවේ සැකයක් ඇතිකරගැනීමට අවශ්‍යතාවයක් නැහැ.

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on ඉරිදා, 25 නොවැම්බර් 2018 19:44

    Latest News