සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහගේ වැඩ තහනම්

සැප් 24, 2019

    නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කර තිබේ.

    සොලිසිටර් ජනරාල්වරියගේ වැඩ තහනම් කිරීම රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයා විසින් අද පස්වරුවේ දැනුම් දුන් බව, නීතිපති සම්බන්ධීකාරක රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න රූපවාහිනියට පැවසුවාය. සොලිසිටර් ජනරාල්වරිය සහ ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර පැවති මතභේදාත්මක දුරකතන සංවාදය සම්බන්ධයෙන් නීතිපති විසින් ඊයේ රාජ්‍ය සේවා කොමිසම වෙත දැනුම් දෙනු ලැබිණ.

    ඒ අනුව සොලිසිටර් ජනරාල්වරියගේ වැඩ තහනම සිදුවූ බව, නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය නීතිපති දෙපාර්තමේන්තුවේ දෙවැනි ඉහළතම තනතුරේ රාජකාරි ඉටුකරයි. ඇයගේ මෙම මතභේදාත්මක දුරකතන සංවාදය හේතුවෙන් සොලිසිටර් ජනරාල් තනතුරේ රාජකාරිවලින් ඉවත් කිරීම නීතිපති විසින් ඊයේ සිදු කළේය.

    Last modified on අඟහරුවාදා, 24 සැප්තැම්බර් 2019 20:33

    Latest News