හිටපු ජනපති සහ හිටපු අගමැති ගෙන් ප්‍රකාශ ලබා ගන්න උපදෙස් (වීඩියෝ)

ජූනි 18, 2020
  • පසුගිය රජය සමයේ සිදුවූ ප්‍රශ්න ගත බැඳුම්කර නිකුතුවට අදාලව පුද්ගලයින් සිව් දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

    බැඳුම්කර නිකුතුව පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ නියෝග මත එම ප්‍රකාශ ලබාගන්නා ලෙස දැනුම් දී ඇත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, අගමැති උපදේශක වශයෙන් කටයුතු කළ ආර්. පාස්කරලිංගම්, මහජන බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරිවරයෙකු වන වසන්ත කුමාර යන අයගෙන් නීතිපතිවරයා විසින් නියෝග කර තිබෙන නිෂ්චිත ප්‍රශ්න ආවරණය කරන පරිදි ප්‍රකාශ ලබාගන්නා ලෙසට දැනුම් දී තිබේ. එම ප්‍රකාශ නොපමාව නීතිපතිවරයා වෙත ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇත

    Latest News